Monday, December 28, 2015

සැමියාගේ බෑගයේ කාන්තා යට ඇඳුම දුටු බිරියගෙන් මළ පනී


29 DECEMBER 2015 07.25 AM

තම මිතුරාට කළ විහිළු තමාට පත්තුවී තම බිරිඳගෙන් හොඳ සම්බුවක් ලැබුණු පුද්ගලයකු පිළිබඳව වාර්තාවේ. සිද්ධිය මෙසේය.

ඔවුන් පුද්ගලික ආයතනයක වැඩ කළ සේවකයන් පිරිසකි. ඔවුන් මිතුරන් වූ අතර දිනක් එක් මිතුරෙකුට විහිළුවක් කිරීමට ඔවුහු කතිකා කර ගත්හ. ඒ මිතුරාගේ බිරිඳ තරමක් සැර ගැහැණියකි.

ඔවුන් කතිකා කර ගත් පිරිදි කාන්තා යට ඇඳුමක් මිතුරාගේ බෑගයට දමා ඇත. මෙය අහම්බෙන් දුටු මිතුරා වහා ඔවුන් පිටව ගිය පසු යට ඇඳුම බෑගයට දැමූ මිතුරාගේ බෑගයට දමා ඇත.

හවස වැඩ ඇරී ගිය පසු යට ඇඳුම සහිත බෑගය ගෙන ගෙදර ගිය අනෙක් මිතුරා තම කාමරයට ගොස් ඇඳුම් මාරුකර බිරිඳට තේ එකක් ගෙන එන ලෙස පවසා තම බෑගය අස් කිරීමේ දී මිතුරාට දැමූ යට ඇඳුම තම බෑගයේ තිබෙන දුටු ඔහුට දොලෝ රත්විය.

මේ අතර බිරිඳ කාමරයට තේ රැගෙන පැමිණි අතර වහා ඔහු යට ඇඳුම පිටිපස්සට කරගෙන සිටි අතර ‘‘අද හුඟක් මහන්සි වෙලා වගේ මෙන්න තේ එක’’ යයි පවසා සැමියට තේ එක දුන්න ද තේ එක නොගෙන සැමියා ඇඹරෙන දුටු බිරිඳ සැක සිතා සැමියගේ අත පරීක්‍ෂා කිරීමේදී පිටිපස සඟවා සිටි කාන්තා යට ඇඳුම හසුවී ඇත.

‘‘ආ ගොඩක් මහන්සිවෙලා තියෙන්නේ මේකටද මනුස්සයෝ’’ කියමින් පහර දීමට පටන්ගෙන ඇත.

පුංචිකමට මාළු ටංකියට අත දැම්මට නැන්දා මරු විකල්වී දරුවාට කළ වින්නැහිය - (වීඩියෝව)

Tamil Nadu Elections: Karunanidhi Extends Hand Of Friendship To Congress For Alliance